දයාසිරි පනී!! ශ්‍රීලනිපයේ ඇතුළෙත් කචල්

  • By editor
  • August 20, 2023
  • 0
  • 165 Views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් තීන්දු තීරණ නිසා ඔහු මෙලෙස කණගටුවෙන් පසුවන බවත් ඔහු එජාපයට එක්වීමට අදහසකින් කටයුතු කරන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

එජාපයට තමන් එක්වන්නටනම් කුරුණෑගල දිස්ත්‍රික්කය බාරදෙන ලෙසට ඉල්ලීමක් ද ඔහු සිදුකර ඇති අතර ඊට අකිල විරාජ් තදින්ම විරුද්ධ වී ඇති බවත් සදහන් වේ. ඊට හේතුව මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප නායකත්වය මේ වනවිට අකිල විරාජ් දරනු ලබන නිසාවෙනි.

පසුගිය දා රජයේ රූපවාහිනී නාලිකාවක ද මෙම තොරතුරු වාර්තා කළ අතර එම තොරතුරු මාධ්‍ය වෙත ලබා දී ඇත්තේ ශ්‍රීලනිප මාධ්‍ය ඒකකය විසින් වීම ද විශේෂත්වයකි.

කෙසෙවෙතත් මෙම තොරතුරු සාවද්‍ය බවට දයාසිරි ජයසේකර දන්වා ඇති අතර ශ්‍රීලනිපය හා දයාසිරි ජයසේකර අතර මත ගැටුම් ඇති බවට මෙය ප්‍රබල සාක්ෂියක් වන බව ද දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *