දර්ශන හදපාන්ගොඩට වාරණ නියෝග

  • By editor
  • April 26, 2023
  • 0
  • 89 Views

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූ ටියුබ් නාලිකාව හරහා විකාශය කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබේ.

අදාළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඇතුලු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම වාරණ නියෝග නිකුත් කළාය.

අදාළ වාරණ නියෝගය ලබන 10 වන දක්වා බලපැවැත්වෙන බවත් අධිකරණය සඳහන් කළේය.

මේ දිනවල දැඩි මතභේදයට තුඩු දී තිබෙන එස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සම්බන්ධයෙන් අසත්‍ය කරුණු යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීමද මෙම වාරණ නියෝගය තුළින් තහනම් කර තිබේ.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු විසින් පසුගිය 20 වැනි දින අදාළ අසත්‍ය තොරතුරු සහිත වීඩියෝවක් යූ ටියුබ් නාලිකාවේ විකාශය කර ඇති බවය.

ඒ තුළින් සිය සේවාදායකයින් ට වැඩි අපහාසයක් සහ අගතියක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එසේ අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් පැමිණිලිකරුවන්ට සිදු වූ  අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක හා රුපියල් මිලියන 500 බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා මෙම පැමිණිලි දෙක මගින් ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *