දරු ප්‍රසූතියේදී දරුව බිම වැටුණේ අධික පීඩනයෙන් එළියට ආ නිසා – රෝහල් අධ්‍යක්ෂ

  • By editor
  • August 15, 2023
  • 0
  • 230 Views

අනුරාධපුර රෝහලේ සිදුකරන ලද දරු ප්‍රසූතියකදී දරුවෙකු බිමට වැටී මියයාමේ සිද්ධියේ දරුවා බිමට වැටීමට හේතුව අධික පීඩනයකින් දරු ගැබේ සිට එළියට විසි වී ඇති නිසා බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය තුළට දුලාන් සමරවීර සඳහන් කරයි.

එසේම එම දරු ප්‍රසූතිය සිදු ව ඇත්තේ ගැබිණි මාතාව ප‍්‍රසූතිය සඳහා ඇඳෙන් ට්‍රොලියට දමන අවස්ථාවේදීම බවත් ඔහු පැවසීය.

දරුවා හා මව අතර පෙකනි වැලද අඩියක් පමණ කොටසක් කැඩී ගොස් තිබූ බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම සිදුවීම නොසැලකිල්ල නිසා සිදුව ඇතැයි තමන්ට පැවසිය නොහැකි බවත් එය අවාසනාවන්ත සිදුවීමක් බවත් ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *