දැඩිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු රංජන් මලික් දැඩිගම මහතා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත වෙත අද (03) අපේක්ෂිත ඇප ඉල්ලීමක් කර තිබේ.
මෙහි වගඋත්තරකරුවන් ලෙස බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති හා බම්බලපිටියේ පිහිටි කොළඹ දකුණු කොට්ඨාස අපරාධකාර්යංශයේ ස්ථානාධිපතිවරයා නම් කර තිබේ.
බොරැල්ල මරදාන පාරේ පිහිටි වෙළෙඳ සැලක් විනාශ කිරීම සහ එහි හිමිකාරිනියගේ ස්වාමියාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබීම මේ අපේක්ෂිත ඇප ඉල්ලීමට හේතුව වී ඇත.
බොරැල්ල පදිංචි ප්‍රදීපා සුදර්ශනී නැමැති අයගේ වෙළෙඳසැල ගිනි තබා විනාශ කිරීම සහ වෙළෙඳසැල යළි ඉදිකර විවෘත කිරීමෙන් පසු පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය පොලිසියට පැමිණිලි කර ඇත.ගිනි තැබූ වෙළෙඳසැල අලුත්වැඩියා කර විවෘත කර විනාඩි දහයක් ඇතුළත කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙළෙඳසැලට පහර දී පලාගොස් සිය සැමියාට ද පහරදී ඇති බව ඇය කල පැමිණිල්ලේ සදහන් කර තිබේ. එම හේතුවෙන් ඇයගේ සැමියා ද රෝහල් ගත කර තිබුණි.
දැඩිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු මෙම පහරදීමේ කොන්ත්‍රාත්තුව සිය පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ‘රූබී’ නැමැත්තාට ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවකට ය. පහරදීමේ අවස්ථාවට දැඩිගම සමූහ ව්‍යාපාරයේ බොරැල්ල ශාඛාවේ සේවය කරන සූරිය ආරච්චි හා නන්දසාමි යන ද එක්ව සිටි බව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් වේ.මෙම පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතත් ප්‍රධාන සැකකරු වන දැඩිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු රටෙන් පැනගොස් ඇත. ඔහු ලංකාවට පැමිණෙන විට කටුනායක දී අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.