දැඩිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු රංජන් රටින් පනී – හේතුව මෙන්න

  • By editor
  • October 6, 2023
  • 0
  • 416 Views

මහරගම දැඩිගමුව සමූහ ව්‍යාපාරයේ හිමිකරු රංජන් මලික් දැඩිගම විසින් බොරැල්ල මරදාන පාරේ අංක 1038/22 දරණ ස්ථානයේ පිහිටි වෙළෙඳ සැලක් විනාශ කිරීම සහ එකී හිමිකාරිනියගේ ස්වාමියාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බොරැල්ල පදිංචි ප්‍රදීපා සුදර්ශනී නැමැති අයගේ වෙළෙඳසැල ගිනි තබා විනාශ කිරීම සහ වෙළෙඳසැල යළි ඉදිකර විවෘත කිරීමෙන් පසු පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය පොලිසියට පැමිණිලි කර ඇත.ගිනි තැබූ වෙළෙඳසැල අලුත්වැඩියා කර විවෘත කර විනාඩි දහයක් ඇතුළත කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙළෙඳසැලට පහර දී පලාගොස් සිය සැමියාට ද පහරදී ඇති බව ඇය කල පැමිණිල්ලේ සදහන් කර තිබේ. මේ වනවිට සැමියා ද රෝහල් ගත කර ඇත.

දැඩිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු මෙම පහරදීමේ කොන්ත්‍රාත්තුව සිය පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ‘රූබී’ නැමැත්තාට ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවකට ය. පහරදීමේ අවස්ථාවට දැඩිගම සමූහ ව්‍යාපාරයේ බොරැල්ල ශාඛාවේ සේවය කරන සූරිය ආරච්චි හා නන්දසාමි යන ද එක්ව සිටි බව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් වේ.මෙම පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතත් ප්‍රධාන සැකකරු වන දැඩිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු රටෙන් පැනගොස් ඇත. ඔහු ලංකාවට පැමිණෙන විට කටුනායක දී අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *