දැදිගම ව්‍යාපාර සමූහයේ රංජන්ගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කරයි

  • By editor
  • November 29, 2023
  • 0
  • 151 Views

දැදිගම සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂක රන්ජන් දැදිගම අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඉදිරිපත් කල අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (28 දා) ප්‍රතික්ෂේප කළා ය.

අධිකරණය මගින් මේ වනවිට රන්ජන්ට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ දී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව සැකකරුගේ නීතිඥයන් අධිකරණයට දැනුම් දුන්නේය.

තවද සැකකරු දිවයිනට පැමිණි පසු ප්‍රකාශයක දීමට සූදානම් බවත් බදු ගෙවන ඇපකරුවකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ අතුල රණගල කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *