තරුණ ප්‍රජාව රට හැරයාම වළක්වාලමින් සුහුරු ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කර විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා සුවිශේෂී අවධානයක් යොමු කිරීමට තම පක්ෂය ඉතා වගකීමෙන් කටයුතු කරන බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර සදහන් කළේය.
අද කොළඹ දී මව්බිම ජනතා පක්ෂ මූලස්ථානය ආරම්භ කරමින් ඔහු මෙම අදහස් පළකළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා මෙසේ ද කීය,
”සතුටු දැයක්” නිර්මාණය කිරීමේ තේමාව යටතේ සුහුරු ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව, ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම බල ගැන්වීම වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ ජාතික මුලස්ථානය විවෘත වෙනවා. මේ රට ව්‍යවසායකයන්ගේ තෝතැන්නක් බවට පත්විය යුතු බව මා දැඩිව විශ්වාස කරනවා. නිදහසින් පසු අපේ රට තුළ දිගින් දිගටම ඇතිවූ සමාජ, ආර්ථික දේශපාලන තත්ත්වයන් පිටුපස තිබු ජාතික උපාය මාර්ගික ප්‍රවේශයන් හි අඩුව පුරවාලමින් ඉහළ දේශපාලන සාක්ෂරතාවයකින් හෙබි ශ්‍රී ලාංකික සමාජයක් නිර්මාණය කළ යුතු වෙනවා. එමගින් සහභාගිත්ව දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තුවනවා.
ශ්‍රී ලාංකික අපගේ ජාතික සභ්‍යත්වය පිළිබඳ පොදු නිර්වචනයක් තුළින් මේ වන විට විවිධ දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ජාති, ආගම් වශයෙන් බෙදී ඇති මව්බිමේ සියලු බෙදීම් අතික්‍රමණය කළ යුතුයි. එහිදී සියලු දෙනාම එකම රටක් තුළ එකම හද ගැස්මකට ඇතුළත්, එකාවන්ව නැගී සිටින හැඟීම ඔවුනොවුන්ට දැනෙන ජාතික මතවාදයක් ජන ගත කළ යුතු බව මා විශ්වාස කරනවා. ඒ හැඟීම තුළින් දීර්ඝ කාලයක් පුරා අප මුහුණ දෙමින් සිටින අන්‍යොන්‍ය අවිශ්වාසය තුරන් කිරීම සඳහා පිළිගත හැකි වැඩපිළිවෙළක් අපි මව්බිම ජනතා පක්ෂය හරහා ඉදිරියේදී දියත් කිරීමට සූදානම්” යැයි පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව ද මව්බිම ජනතා පක්ෂයේ ඉදිරි දැක්ම මෙසේ සඳහන් කළේය. ”විශේෂයෙන්ම කෙටි කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික පසුබෑම නැවත සුබවාදී දිශානතියකට හරවාලීම උදෙසා විද්‍යාත්මක ආර්ථික වැඩපිළිවෙළක් සහ විද්‍යානුකූල දැක්මක් සහිත ආර්ථික ප්‍රතිපත්තියක් සමාජගත කළ යුතුයි. එමගින් දුර්මත මත පදනම් වූ යෝජිත වෙනස්කම් වෙනුවට වඩාත් ප්‍රශස්ත විසඳුම් මාලාවක් සාකච්ඡාවට භාජනය කළ යුතු වනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව රට හැරයාම වළක්වාලමින් සුහුරු ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කර විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය සැදී පැහැදී කටයුතු කිරීමට සුදානමින් සිටිනවා. ”
දිලිත්ගෙන් සංවර්ධන යෝජනාවලියක්
-
By editor
- October 11, 2023
- 0
- 78 Views
You Might Also Like
-
December 6, 2023
ලක්ෂ්මන් යාපා නව සන්ධානයට පනී
-
December 6, 2023
සජිත් ඉල්ලා අස්වෙයි!!
-
December 6, 2023
පොහොට්ටුවේ සමුළුවට කොඩිකණු මහනගර සභා දායකත්වයෙන්