දිලිත් – අනුර ප්‍රසිද්ධියේ සංවාදයකට

  • By editor
  • January 8, 2024
  • 0
  • 85 Views

තමන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමග සජීවී සංවාදයකට සූදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර සමුළුව අමතමිනි.

අනුර කුමාර මහතා විසින් හොරු අල්ලා ජනතාවට ප්‍රතිපාදන ලබාදෙන බවට සිදු කරන ප්‍රකාශ පුහු ප්‍රකාශයන් බව ද දිලිත් ජයවීර මහතා සදහන් කර ඇත.

අද එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එකම ආකාරයේ දේශපාලනයක නියුතු වන බවත් එනිසා ආණ්ඩුවට හිතු ආකාරයේ බදු පනවමින් සිටින බවත් හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *