ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අනුව මේ වසරේ එක් එක් දිස්ත්‍රික්කවල තෝරපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව වැඩිම පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරිපත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ස්‍යාව 19කි. අඩුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යව තේරිපත්වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. මන්ත්‍රී සංඛ්‍යාව 4කි.
ගම්පහින් 18ක්, කළුතරින් 10ක්, මහනුවරින් 12ක්. කුරුණෑගලින් 15ක්, රත්නපුරයෙන් 11ක්, ගාල්ලට 09,මාතලෙන් 5ක්, නුවරඑළියෙන් 08,මාතරින්, හම්බන්තොටින්,දිගාමඩුල්ලෙන් සහ යාපනයෙන් හත බැගින් ද, වන්නි දිස්ත්‍රික්කයෙන් 06, මඩකළපුවෙන් පහක්,පුත්තලමෙන් අටක්, අනුරාධපුරයෙන් නවයක්, පොලොන්නරුවන් පහක්, බදුල්ලෙන් නවයක් මොනරාගලින් හයක් සහ කෑගල්ලෙන් නවයක් ආදි වශයෙන් තෝරාපත් කර ගැනෙයි.