දිසා විනිසුරුගේ පටි රෝල් ! – බිරිඳගෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

  • By editor
  • October 3, 2023
  • 0
  • 146 Views

පසුගිය දිනක සිය ධූරයෙන් ඉල්ලා අස්වූ මුලතිව් හිටපු දිසා විනිසුරු ටී. සරවණරාජාට එරෙහිව ඔහුගේ බිරිඳ විසින් අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ විනිසුරුවරයා විසින් තමන්ට නිරන්තරයෙන් හි‍ංසා සිදුකරන බවට පවසමිනි.

කෙසෙවෙතත් සරවනරාජා මහතා පසුගිය දිනක කොළඹට පැමිණ බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනකු හමු වී ඇතැයි ද වාර්තා වේ.

එසේම ඔහු සදහන් කරන පරිදි ඔහුට ජීවිත තර්ජනයක් තිබුණේනම් ඊට වරෙන්තු නිකුත් කරමින් නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබූ බව ද නොරහසකි.

එමෙන්ම ඔහු තම මෝටර් රථයද විකුණා දමා විදෙස්ගත වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ගෙන ඇති බවද හෙළි වී තිබේ. ඒ අනුව ඔහු මේ වනවිට විදෙස් ගත වී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අනුව වාර්තාවන ආකාරයට මෙම විනිසුරුට තර්ජන තිබෙන්නේ හෝ ඔහුගේ පිඩාවට හේතුව පවුල් ආරවුලක් විය හැකි බව දැනට හෙළි වී ඇති කරුණු වලින් පෙනී යයි.

කෙසෙවෙතත් ඔහු පවසන ආකාරයට තර්ජන තිබුනේ නම් කළ යුතු නීතිමය කටයුතු කිසිවක් නොකර, පසුව විවිධ ප්‍රකාශ සිදු කරමින් රට අස්ථාවර කිරීමේ ප්‍රකාශ නිකුත් නොකළ යුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *