ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව ලිඛිත සාක්ෂි තමන් සතුව පවතින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයක් සමග එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ එම මුදල්වලින් කොටසක් සපත්තු දෙකක් නැති, බැට් එකක් නැති, බෝලයක් නැති, සෙල්ලම් කරන්න පිට්ටනිය නැති දරුවන් වෙනුවෙන් වියදම් කළ බවය.
එසේම විවිධ අවස්ථාවල ක්‍රීඩා තරග සඳහා විදේශගතවීමට ක්‍රීඩකයින්ට ටිකට් පත් මිලදීගැනීමටද එම මුදල් යොදාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර මිලියන 280 චෙක් පත් අත්සන් ලබාගැනීමෙන් අනතුරුව භාරදී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දුක් විඳ ලබාගෙන ඇති මුදල් අනවශ්‍ය දේ සඳහා වියදම් කර නොමැති බවය.