වත්මන් සමාජය තුළ වැඩි අවධානයට යොමුකළයුතු ජනතාවගේ පහසුකම් සැපරීම වෙනුවෙන් වන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලැබී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඒ පිළිබදව සදහන් කර තිබේ.