දුම්රිය වර්ජනයට තරුණයෙක් බිලි

  • By editor
  • September 12, 2023
  • 0
  • 228 Views

අද පැවති දුම්රිය වර්ජනය හේතුවෙන් මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක වහලය මත නැගී පැමිණි තරුණයෙක් අනතුරකට ලක්ව මියගොස් තිබේ.

රාගම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී ඇති අතර අධික තදබදය හේතුවෙන් දුම්රිය වහලය මතට නැඟ තිබේ.

ඒ අනුව හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී තරුණයා ගසක හෝ වයරයක ගැටී දුම්රියෙන් ඇද වැටීමෙන් මිය ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මොහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *