දෙරණෙ දිලිත්ව සිහිනෙන් අවදි කළ නයා කවුද – දිලිත් ජයවීර නයා හා පැණිය ගැන සියල්ල හෙළිකරයි – සභාපති ලෙස කළ අවසන් කතාව මෙන්න

  • By editor
  • October 13, 2023
  • 0
  • 621 Views

තමන් සිය ගමන් මග වෙනස් කරමින් ලංකාවේ සියලු මිනිසුන්ට දැනෙන ආකාරයෙන් ඉදිරියට යාමට සිහින දකින බවත් එම ගමන් මගේදී තමන්ට බාධා කරනු ලැබුවේ කෙදිනකවත් නොදුටු නයෙක් සහ කෙදිනකවත් නොබිවූ පැණියක් බවත් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර සදහන් කළේය.

දෙරණ මාධ්‍ය ජාලයේ 18වන සංවත්සර සැමරුම් අවස්ථාවේදී සිය කාර්ය මණ්ඩලය අමතමින් හෙතෙම මේ බව සදහන් කළේය.

එමෙන්ම තමන් මේ ආකාරයෙන් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති ලෙස කාර්ය මණ්ඩලය අමතනු ලබන්නේ අවසන් වතාවට වියහැකි බවත් ඔහු මෙහිදී සදහන් කිරීම ද සුවිශේෂීත්වයකි.

තමන් පැමිණ ගමන් මගේ මේ වනවිට තමන්ටම යැයි කිසිදු චෝදනාවක් නොමැති බවත් ඇත්තේ පෙර කී නොදැන සිටි නයා හා පැණි වල කතා පමණක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. එම සිද්ධි සම්බන්ධයෙන් තමන් කිසිදු දෙයක් නොදැන සිටීම කෙරෙහි සතුටු වන බවත් ඊට හේතුව කිසිදු දිනක තම නාලිකාවේ ප්‍රවෘත්ති අංශයට කිසිදු බලපෑමක් සිදු නොකිරීම බවත් ඔහු පැවසීය.

එසේම තමන් පෞද්ගලිකව ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සදහා සහය දැක්වූ බව පිළිගන්නා නමුදු ඒ සදහා ද තම නාලිකාව අනිසි ආකාරයෙන් සම්බන්ධ කර නොගත් බවත් දිලිත් ජයවීර සදහන් කළේය.

කෙසේහෝ කිසිම දෙයක් නැති වුණ රටක කොම්බුව, බම්බුවක් වන බැවින් ඉදිරි ගමන් මග යා යුතු ආකාරය ද තම කාර්ය මණ්ඩලයට ඔහු පැහැදිලි කර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *