දෙරණ’ මාධ්‍ය ජාලයේ සභාපති ව්‍යාපාරික දිලිත් ජයවීර නායකත්වය දරන ‘මව්බිම ජනතා පක්ෂයේ’ (MJP) මුලස්ථාන කාර්යාලය හෙට (ඔක්11) දින පෙරවරුවේදී විවෘත කිරීමට නියමිතය.
අලුතින් හිතන ගමනක ඇරඹුම සනිටුහන් කරමින් එම පක්ෂ මූලස්ථානය අංක 11, උද්‍යාන මාවත, කොළඹ 08 හීදී සිදු කෙරේ.
මිට ඉහතදී මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍යවරයෙකු වන හේමකුමාර නානායක්කාර විසින් එහි නායකත්වය දිලිත් ජයවීර වෙත භාර කෙරුණු අතර ඔහු මේවනවිට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ලෙස කටයුතු කරයි.

