දෙසැම්බර් අගදී…අගමැති ධූරයෙන් දිනේෂ් නෙරපයි – හිටපු ජනපතිවරයෙක් අගමැති කමට

  • By editor
  • August 30, 2023
  • 0
  • 185 Views

ලබන දෙසැම්බර් වන විට රටට නව අග්‍රාමාත්‍යවරයෙක් බිහිකිරීමට බටහිර තානාපති කාර්‍යාලයක් රහසිගත මෙහෙයුමක් ආරම්භ කර ඇතිබව වාර්තාවේ, ඒ අනුව හිටපු ජනාධිපතිවරයෙක් නැවත අගමැති ධූරයට පත් කිරීමට නියමිතව ඇති බවත්, ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද සහය හිමිවන බවත් දේශපාලන ආරචිමාර්ග පවසයි .

ඒ අනුව වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද තනතුරින් ඉවත්කරනු ඇති අතර, ඔහුට ප්‍රබල අමාත්‍ය ධූරය කිහිපයක් ලබාදීමට සැලසුම් කර ඇත. මෙම වැඩ පිළිවෙළට අගමැතිවරයාද සිය කැමැත්ත පලකර ඇති බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි . අගමැති ධූරය වෙනස් කිරීමේ මෙහෙයුමට දායක වී සිටිනා මෙම තානාපති කාර්යාලය වත්මන් ජනාධිපතිවරයා බිහිකිරීමටද රහසිගත මෙහෙයුමක් දියත් කළ බව බුද්ධි අංශ වාර්තා කර තිබුනි.

ලබන දෙසැම්බර් මාසය වන විට කාබන් තැන්පතු පිළිබඳ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රි ලංකාවට ඩොලර් බිලියන 12 ලබාදීමේ සැලසුමක් ක්‍රියත්මක කිරිමට හිටපු නෝවිජියානු සාම නියෝජිත එරික් සොල්හයිම් කටයුතු සම්පාදනය කරමින් සිටී . එම මුදල ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රශ්ණ නිරාකරණය වන අතර ඉන්පසු මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙයි. ලබන ජනවාරි මස වන විට ජනාධිපතිවරණය හෝ මැතිවරණයක් පිළිබඳ ඉඟියක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇත නියමිත බව

මෙම බටහිර තානාපති කාර්යාලයේ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනිමට මෙරට සිටින එරට තානාපතිනියද දැඩි වෙහෙසක් ගන්නා ඇතර, ඇය මේදිනවල දේශපාලන පිටියේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙමින් සිටි.

අගමැති දිනෙෂ් ගුණවර්ධනට එම ධූරයෙන් ඉවත්ව හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂට ධූරය ලබාදෙන ලෙස පොදුජන පෙරමුණ කළ ඉල්ලිම මේ වන විට ප්‍රතික්ෂේප වී තිබේ, ඊට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහයෝගය හිමිව නැතිබව වාර්තා වේ. කෙසේ වෙතත් හිටපු ජනධිපතිවරුන් ලෙස චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ඝෝඨාභය රාජපක්ෂ මේවනවිටත් දේශපාලන ක්ෂේස්ත්‍රයේ රැඳී සිටිනා අතර හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත්වී නිවසේ විවේකීව සිටිම විශේෂයක් වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *