දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ මෙහෙයුම් කාර්යාලය වැටලීමට ගිය තරුණ පිරිස පොලිසියෙන් වටලයි.

  • By editor
  • June 5, 2023
  • 0
  • 135 Views

බුදුන් වහන්සේට අපහාස වන පරිදි ආන්දෝලනාත්මක ප්‍රකාෂයක් කළ දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ සියලුම මෙහෙයුම් කටයුතු සිදුකළ කාර්යාලයක් වැටලීමට ගිය තරුණ පිරිස පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇත.

අදාළ ගොඩනැගිල්ලේ එක් මහලක ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා දේව මෙහෙයන් පැවැත් වූ බවත් එම පිරිස අදාල කාර්යාලය වැටලීමේ අදහසින් පමණක් එම ස්ථානයට ගිය බවත් වැඩිදුරටත් වාර්තා වේ.

එමෙන්ම එම ගොඩනැගිල්ලේ එක් කාර්යාලයක් හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන උදිත ලොකු බණ්ඩාර විසින් සේවය කර තිබේ.

කෙසේ වෙතත් අදාල ගොඩනැගිල්ල අයිති බව කියන රාජු රාධා නම් ඉන්දියානුවා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි සමාගමක් පවත්වාගෙන යමින් කොළඔ නගරයේ පිහිටි වානිජමය වටිනාකමකින් යුත් ඉඩම් කොල්ලකෑමේ ජාවාරමක නිරත බවට අපරාධ පරීක්ෂාණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී තිබේ.

එමෙන්ම මෙම ග්‍රීන් ලංකා ගොඩනැගිල්ල හොර ඔප්පු සාදා වංචාකාරී ලෙස ඒශියා කැපිටල් ආයතනයට දෙවනි වරටත් විකුණා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ලැබූ පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

මීට අමතරව කොළඔ 07හි පිහිටි බිස්කට් සමාගමක හිමිකාරිනියකට අයත් දේපළක් ද බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම ඉන්දියානුවාගේ පරීක්ෂණ කටයුතු යට ගැසීමට පොලිසියේ ඉහල නිලධාරියෙක් සහය වන බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *