පසුගිය අරගල සමයේ සංවිධානාත්මක පිරිස් විසින් රටපුරා දේශපාලනඥයන්ට අයත් නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමට අදාළව වන්දි මුදල් ගෙවීම රජය විසින් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව විනාශ කළ දේපළවලට අදාළ නිශ්චල දේපළ සඳහා මූලික අදියර යටතේ වන්දි මුදල් ගෙවීම් ආරම්භ කර තිබේ
ඒ අනුව විනාශයට පත්වූ නිශ්චල දේපළ වෙනුවෙන් පසුගිය රජයේ දේශපාලනඥයන් 15 කට ආසන්න පිරිසකට වන්දි මුදල් ගෙවා ඇත.
තවද නිවාස සහ දේපළ විනාශයට පත්වූ දේශපාලනඥයන් 72 දෙනකු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට මේ වනවිට අනුමැතිය ලැබී තිබේ.