අප්‍රේල් 20 වනදා සිට ගාලු මුවදොර පිටියේ දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන හෝ වෙනත් එවන් කටයුතු සඳහා අවසර ලබා නොදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ගාලු මුවදොර පිටිය මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් භාවිතා කිරීමට වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
නමුත් සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ලබාදීමට අනුමැතිය කැබිනට් අනුමැතිය ලැබී ඇත.