කිනම් හේතුවක් මතවත් තමන් පොහොට්ටුව සමග හෝ එජාපය සමග සාකච්චාවකට ඒක් නොවන බව ඩලස් අලහප්පෙරුම සදහන් කරයි.
එමෙන්ම මව්බිම තුන්බියෙන් බේරා ගැනීම සඳහා විපක්ෂයේ සියලු දෙනාටම එකට එක්වී එකම දේශපාලන සූත්‍රයක් සජ්ජායනා කිරීමට හොඳම කාලය පැමිණ තිබෙන බවත් ඔහු පැවැසීය.
රජය ගෙනයන අස්වැසුම වැඩපිළිවෙලේ අරමුණ වන්නේ දැනට සමුර්දි ප්‍රතිලාභය හා අනිත් සහනාධාර ලබන පවුල් සංඛ්‍යාව වසර තුනක් වැනි කාලසීමාවක් තුළ ලක්ෂ 12 දක්වා අඩු කිරීම නමුත් වර්තමාන රටේ තත්ත්වය සලකා බැලුවිට දරිද්‍රතාවයේ පතුලේ සිටින අවස්ථාවක එවැන්නක් කිරීම නුසුදුසු බවත් ඔහු පෙන්වා දුන්නේය.
එවකට රනිල් වික්‍රමසිංහ පත් කිරීමට මන්ත්‍රීන් සිය චන්දය භාවිතා කලේ ප්‍රතිපත්ති පිළිගෙන නොවන බවත් දිනෙන් දින පොහොට්ටු එජාප මතබේද එලියට එන්නේ ඒ නිසා බවත් ඩලස් අලහප්පෙරුම පැවැසීය.