දේශබන්දුගේ පත්කිරීම හෙළා දකිනවා – කාදිනල් 

  • By editor
  • November 29, 2023
  • 0
  • 115 Views

වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම දැඩිලෙස හෙළා දකින බව කාදිනල්තුමා සදහන් කරයි.

ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම පත්කිරීම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට එල්ල වූ දැවැන්ත අසාධාරණයක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළහ.

එසේම ජනාධිපති විමර්ශන කොමිසම මගින් චෝදනාවකට ලක්කර ඇති අයෙකුට මේ ආකාරයෙන් තනතුරු ලබා දීම හෙළා දකින බව ද කාදිනල්තුමා පැවසීය.

මේ ආකාරයෙන් ජනාධිපතිවරයා කටයුතු කිරීම මගින් හෙළිවන්නේ ඔහුට ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නැති බව ද උන්වහන්සේ සදහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *