දේශබන්දුගේ වැඩ තහනම් කරන්න – නීතිඥ සාමූහිකය ඉල්ලයි

  • By editor
  • January 6, 2024
  • 0
  • 66 Views

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව නඩු පවරන ලෙසට නීතීඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

දේශබන්දු මහතා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව සැලකිල්ලට ගෙන මේ ආකාරයෙන් නඩු පවරන ලෙසට ඉල්ලා තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වැඩ බලන අතරතුර අපක්ෂපාතී පරීක්ෂණයක් කළ නොහැකි බැවින් ඔහු වැඩබලන පොලිස්පති ධුරයේ වැඩ තහනම් කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දීම නීතිපතිවරයාගේ යුතුකම බවත් නීතිපති සංජය රාජරත්නම් වෙත ලිපියක් යවමින් නීතීඥ එකමුතුව පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *