දේශබන්දුට එරෙහිව හතර වටින් පෙත්සම් 

  • By editor
  • December 30, 2023
  • 0
  • 152 Views

දේශබන්දු තෙන්නකොන් මහතා වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් හා ඔහු පොලිස්පති ධුරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකර තිබේ.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සත්‍ය හා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙකු, අරගලකරුවෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.

නීතිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාව සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *