දේශබන්දුට නඩු නොදැම්මොත් නීතිපතිට දෝෂාභියෝගයක්.

  • By editor
  • February 6, 2024
  • 0
  • 138 Views

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට වධහිංසා පමුණුවා ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩ කිරිම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවෙකු කරනු ලැබූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කෘෘර වධහිංසා පැමිණවීමේ පනත යටතේ නඩු නොපරන්නේ නම් නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය සුදානමි වන බව දේශපාලනය ආරංචි මාර්ග සඳහන් කරයි.

වධහිංසා පැමිණවීමේ වරදට රජයේ නිලධාරයකු වරදකරු වු විට ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් කෲර වධහිංසා පැමීණවීම යටතේ මහාධිකරණයේ නඩු පැවරීම මෙතෙක් කලක් කර තිබේ. අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන්ට වධ හිංසා පැමිණවු බවට වරදකරු වු හමුදා සාමාජිකයන්ට එරෙහිව ද නීතිපතිවරයා කෲර වධහිංසා පැමිණ විමේ චෝදනාව යටතේ 2002/2004සටන් විරාම සමයේ මඩකලපුව මහාධිකරණය ඇතුළු මහාධිකරණවල නඩු පවරනු ලැබීය. එදවස අගමැති වුයේ වත්මන් ජනපතිය.

එවැනි ක්‍රියාවන්හීදී ස්වාධීන වෙමින් නඩු පැවරීමේ ඉතිහාසයක් ඇති නීතිපති දෙපාර්තමේන්තුව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීම ගැන විපක්ෂයේ දැඩි අවදානයට ලක් වී තිබේ. තවද ශ්‍රේෂ්ඨාධිකරණ යේ මගපෙන්වීම් නොසලකා හැර ඕන්ලයින් පනත සම්මත කිරිම ගැන ද විපක්ෂය දිර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

උද්ගත වි තත්ත්වය හමුවේ නීතිපතිවරයාගේ ක්‍රියාකළාපය ප්‍රශ්න කරමින් ඔහු ඉවත් කිරිමට දෝෂාභියෝගයක් ගෙනඒමට විපක්ෂයේ මන්ත්‍රීන් සුදානම් වේ. 

මින් පෙර අග විනිසුරුවන් වු නෙවිල් සමරකෝන්.සරත් නන්ද ද සිල්වා.හා ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝග ඉදිරිපත් වු අතර ශිරාණි බණ්ඩාරනායක පාර්ලිමේන්තු මන්ත්‍රි බහුතරයකගේ ජන්දයෙන් ධූරයෙන් නෙරපනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *