දේශබන්දු ගැන තීරණයක් ගන්න බැරිව පොලිස් කොමිසම පටලැවිල්ලක

  • By editor
  • December 25, 2023
  • 0
  • 128 Views

මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට යළි අධිකරණය වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිසමට ඇති නීතිමය බාධාවක් හේතුවෙන් තීරණයක් ගැනීම සඳහා මේ ආකාරයෙන් යළිත් අධිකරණයේ උපදෙස් ලබාගැනීමට තීරණය ගෙන තිබේ.

2010 වසරේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකුට වධහිංසා පමුණුවා මූලික අයිතිවාසිකම් කඩකළ නිලධාරීන් හතර දෙනාගෙන් එක් අයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා නම් කරන ලැබීය.

ඒ අනුව පෙත්සම්කරු සහ නම්කර ඇති නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබේ.

ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා මාස තුනකට පත්කර ඇති නිසා ඔහුට එරෙහිව එවැනි ක්‍රියාමාර්ග ගැනීමේදී ජාතික පොලිස් කොමිසම නීතිමය ගැටළුවකට මුහුණ දී ඇති බව ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ජාතික පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *