දේශබන්දු තෙන්නකෝන් නියමයෙන් පොහොට්ටු පාක්ෂිකයන්ට විශේෂ ආරක්ෂාවක්

  • By editor
  • December 15, 2023
  • 0
  • 106 Views

අද පැවැත්වෙන පොදුජන පෙරමුණ සම්මේලනයේ පාක්ෂිකයන්ගේ ආරක්ෂාව තර කරන ලෙසට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිසියේ ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම සම්මේලනයට සහභාගී වන පාක්ෂිකයන්ට එරෙහිව ඇතැම් සමාජ ක්‍රියාකාරීන් හා විවිධ සංවිධානාත්මක පිරිස් විසින් යම් යම් සිදුවීම් ඇති කිරීමට ඉඩකඩ පවතින බැවින් එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැළක්වීමට කටයුතු කරන ලෙස ද ලිපියක් යොමුකරමින් වැඩබලන පොලිස්පතිවරයා දන්වා තිබේ.

ඒ අනුව සෑම ප්‍රධාන නගරයක්ම ආවරණය වන පරිදි මහජන සාමය රැකගැනීමට කටයුතු කරන ලෙසත් හදිසි තත්ත්වයක දී හමුදා සහය ලබගැනීමට පියවර ගන්නා ලෙසත් තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී ඇත.

එසේම එම පාක්ෂිකයන් තමන්ගේ පොලිස්වසමෙන් පිටත්ව ගොස් නැවත පැමිණෙන තෙක් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් වැඩිදුරටත් දන්වා තිබේ.

අදාළ ලිපිය පහතින් දැක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *