දේශබන්දු තෙන්නකෝන් හොර රහසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පත්වීමකුත් අරන් – උපරිම වරප්‍රසාද සමග මාසික වැටුප 150000 යි – රහස් පිටට නොදෙන්න එකගතාවයකටත් ඇවිත්

  • By editor
  • November 13, 2023
  • 0
  • 276 Views

ජේ.නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වසර දෙකක කාලයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔහු 2021 වසරේ අගෝස්තු 16 වන දින සිට 2023 අගෝස්තු මස 15 දක්වා වසර දෙකක කාලයක් උපදේශක ආරක්ෂක සහ මාෂලින් උපදේශක ලෙස කටයුතු කර තිබේ.

එහිදි ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මාසික වේතනය ලෙස රුපියල් 150000ක මුදලක්, මසකට ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 200ක්, ජංගම දුරකථනයක් සහ ඒ සදහා මසකට 5000ක දීමනාවක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සහ වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා දි තිබේ.

ඒ අනුව ඔහුට පැවරී තිබූ රාජකාරි වන්නේ අදාළ කාලය තුළ උපදේශක ආරක්ෂාව සහ මාෂලින් උපදේශනය ය.

මෙහිදී සුවිශේෂීම කාරණය වන්නේ ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් රහසිගත තොරතුරු කිසිදු ආකාරයෙන් පිටත පාර්ශවයකට හෝ මාධ්‍ය වෙත ලබා නොදීමට එකගතාවයකට පත්ව තිබීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *