දේශබන්ධුට පරාජයක් – පොලිස්පතිට සේවා දිගුවක්

  • By editor
  • March 24, 2023
  • 0
  • 186 Views

පොලිස්පති චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සමග ජනාධිපතිවරයා අද සවස පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත. සාකච්ඡාව සදහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති චන්දන වික්‍රමරත්න හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ද එක්ව සිටියේය. වත්මන් පොලිස්පතිවරයාගේ නිල කාලය හෙට (25) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණි.

මාස තුනකට පසුව දේශබන්ධු තෙන්නකෝන්ට පොලිස්පතිධූරය ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දුවූ බවද වාර්තාවේ. එහෙත් පසුගිය දිනක පොලිස්පතිධූරයට දේශබන්ධු තෙන්නකෝන් පත් කිරීමට නියමිත බවට අරුණ, මව්බිම පුවත්පත් වාර්තා කර තිබුණද එය මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපෘතියක් බව අනිද්දා පුවත්පත වාර්තා කර තිබුණි.

එම ව්‍යාපෘතිය ටිරාන් අලස් ඇමැතිවරයා හා පොලිස්පතිවීමට බලා සිටින දේශබන්ධු තෙන්නකෝන් එක්ව මෙහෙයවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *