ඉකුත් වසරේ මැයි මස 09 වන දින ගෝඨාගෝගම අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස බස්නාහිර පළාත් ජේ.නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබේ.
මේ පිලිබද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බව ද වාර්තා වේ.
ඒ අනුව ඉදිරියේ දී සිදුකෙරෙන අධිකරණ කටයුතු වලදී ජේ.නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකකරුවෙකු ලෙස අධිකරණයේ පෙනී සිටිය යුතුය.