දේශීය ආදායම් නිලධාරීන් කප්පම් ගැනීමේ ක්‍රියාවලියක

  • By editor
  • February 14, 2024
  • 0
  • 157 Views

දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් බදු එකතු කිරිමේ නිරතවන කණ්ඩායමක් කප්පම් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබි තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මත්පැන් අලෙවි හල් කැෂිනෝ ශාලා,සමාජ ශාලා ඇතුලු තවත් විවිධ ස්ථාන වලින් මෙම කණ්ඩායම කප්පම් ලබා ගෙන ඇති බවට චෝදනා වී ඇත.

වැට් බදු එකතු කිරිමේ වැඩපිලිවෙල යටතේ ජනවාරි මාසයේ රුපියල් බිලියන 55 ක මුදලක් මුදල් අමාත්‍යංශය අපේක්ෂා කලත් ලැබි ඇත්තේ රුපියල් බිලියන 45 ක් බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ආදායම් බදු එකතු කරන නිලධාරින් සිය රාජකාරිය පසෙකලා කප්පම් ලබා ගැනිම නිසා රාජ්‍ය ආදායමද අඩු වි ඇති බව මෙමගින් තහවුරු වෙයි.

මුදල් අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන වල නිලධාරින් ලබා දෙන තොරතුරු විශ්වාස නොකරන ලෙස ඇමති මනුෂ නානායක්කාර හා මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ජනාධිපතිවරයාගෙන්ද පසුගියදා ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *