දේශීය එන්නතක් නිසා ගම්පහ රෝහලේදී රෝගියෙක් මිය ගිහින්

  • By editor
  • March 31, 2023
  • 0
  • 232 Views

මෙරට නිෂ්පාදිත ප්‍රතිජීවක ඖෂධ එන්නතක බලපෑමකින් ගම්පහ රෝහලේ රෝගියෙකු මියගොස් ඇතැයි පවසමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඉකුත් 17 වන දින වෛද්‍ය සැපයිම් අංශය මගින් මෙම පැමිණිල්ල ලිඛිතව සිදුකර තිබේ.

එන්නත ලබාදුන් අවස්ථාවේදී ම රෝගියාට ක්ෂණික බලපෑමක් ඇති වී තිබෙන බව ද එම ලිපියෙහි වැඩිදුරටත් සදහන් වේ.

මෙම එන්නත් සමාගමෙහි නිෂ්පාදන මගින් මීට පෙර අවස්ථා වලදී ද බලපෑම් ඇති වී තිබෙන නමුත් රෝගියෙකු මියගිය පලමු අවස්ථාව මෙය බවට තොරතුරු අනාවරණය වී තිබේ.

තවද ඉන්දියාවේ නිෂ්පාදිත එන්නතක හා පරීක්ෂණ කට්ටලයක තත්වය පිලිබදව ද ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් හා රාගම ශික්ෂණ රෝහලෙන් පැමිණිලි ලැබී ඇති බවට ද ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම හද රෝගීන් සදහා ලබාදෙන ඖෂධයක් ද තත්වයෙන් බාල බවට සදහන් කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය අදාල ආයතනයට ලිඛිතව දැනුම් දී තිබේ.

එම ඖෂධ ආනයනය ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ මෑතක දී එක් වූ සමාගමක් මගින් සිදුකර තිබේ.

මීට අමතරව හදිසි මිලදී ගැනීම් ලෙස සාමාන්‍ය වෙලෙදපලෙන් රුපියල් තුන්දහසකට මිල දී ගත හැකි ඖෂධ රුපියල් තිස් එක් දහසකට ද රුපියල් පන්දහසකට මිලදී ගත හැකි ඖෂධ රුපියල් හතලිස් නවදහසකට ද ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවට ද මීට පෙර මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

පසුව කල විමසීම් වලදි අදාල සමාගම් සමග සාකච්ජා කර මිල ගණන් වෙනස් කරන්නේ යැයි සදහන් කල ද එකී මිල ගණන් විශාල ලෙස වෙනස් වී නොමැති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *