දොස්තරලගේ වරද නිසා දරුවෙක් මරුට

  • By editor
  • July 28, 2023
  • 0
  • 87 Views

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු ශල්‍යකර්මයකින් පසු තුන් හැවිරිදි දරුවෙකු මියගිය බවට එම දරුවාගේ මව්පියන් චෝදනා කරයි.

වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3යි මාස 03ක් වූ පිරිමි දරුවෙකු ඊයේ මියගොස් තිබිණි.

එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබූ අතර, වම් වකුගඩුව ඉවත් කළ යුතු බවත් දකුණු වකුගඩුව නීරෝගී තත්ත්වයේ පවතින බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන තිබූ බව වාර්තා වී ඇත.

නමුත් නීරෝගී දකුණු වකුගඩුවත් ශල්‍යකර්මය අතරතුර ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් පසුව ප්‍රකාශ කළ බව මව්පියන් සඳහන් කරයි.

වකුගඩු දෙකම නොමැති වීම හේතුවෙන් වකුගඩුවක් බද්ධ කිරීම සිදුකරන තෙක් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා යොමු කර සිටි දරුවා, විෂබීජයක් ශරීරගත වීමෙන් මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *