ධනුෂ්කගේ ඇප මුදල කාන්තාවක් තනිව ගෙවයි.

0
53

ලිංගික අතවර කිරිමේ චෝදනාවකට ලක්ව ඔස්ස්ට්‍රේලියාවේ බන්ධනාගාරව සිට මේ වන විට ඇප මත මුදාහැර සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට එරට සිටින ධනවත් ශ්‍රී ලාංකිකයන් සංවිධානාත්මකව උපකාර කිරීම ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

මෙල්බර්න්හි පදිංචි ධනවත් ලාංකික කාන්තාවක් අධිකරණයෙන් ධනුෂ්කට නියමවූ ඩොලර් 150,000 ක ඇප මුදල තනිවම ගෙවා දමා ඇති බව පැවසේ. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සිටින කාලය තුළ ඔහුට නවාතැන් සහ අනෙකුත් සියලු පහසුකම් එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත. එමෙන්ම ඔහුගේ නීතීඥ ගාස්තු දැරීමටද මෙම පිරිස සූදානමින් සිටින බව වාර්තවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here