ධනුෂ්ක කදුළු සලමින් ඕස්ට්‍රේලියාවේ අධිකරණයට කළ පාපොච්චාරණය මෙන්න

  • By editor
  • September 20, 2023
  • 0
  • 237 Views

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විභාග වන ස්ත්‍රී දූෂණ නඩුවේ දෙවන දිනයේදී ඔහු පාපොච්චාරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී ඔහු කඳුළු සලමින් හඬා වැටෙමින් තමන් කළ ක්‍රියාවන් ගැන ප්‍රකාශ කර ඇති බවත් ඔහු ‘මං ඒ කෙල්ලට අහුවුනා‘ යයි කියමින් හැඟීම්බර ලෙස සිද්ධිය විස්තර කළ බවත් එහිදී වැඩිදුරටත් වාර්තා කර ඇත.

බදාදා ඩව්නිං සෙන්ටර් දිසා අධිකරණයේ 32 හැවිරිදි ධනුෂ්ක තනිව පෙනී සිටිමින් නඩු විභාගය අතරතුර සිදු කරන ලද පටිගත කරන ලද පොලිස් සම්මුඛ සාකච්ඡාවකදී මෙලෙස කටයුතු කළ බව වාර්තාවේ.

සිඩ්නි සීබීඩී හි පීසා ලබා ගැනීමට යාමට පෙර සහ ඇගේ නිවසට පැමිණීමට පෙර ඔපෙරා බාර් හිදී මෙම කාන්තාව හමු වූ බව ඔහු සදහන් කර තිබේ.

ලිංගිකව හැසිරීමෙන් පසු, ඇය අතීත ජීවිත දැක ගත හැකි විශේෂ බලයක් ඇති බව කාන්තාව ඔහුට පැවසූ බව ඔහු පවසා ඇත.

එමෙන්ම ඇය ඇස් පියාගෙන පවසා ඇත්තේ ඔවුන් මීට පෙර තායිලන්තයේ ජීවත් වූ අසල්වැසියන් බවයි.
“ඊට පස්සේ මට ටිකක් බය හිතුණා. මම දන්නේ නැහැ ඇයි මට ඒ හැඟීම ආවේ කියලා. මම හිතුවෙ ඇය ටිකක් අමුතුයි කියලා,” ඔහු සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *