ධම්මික පෙරේරාගේ ජනපති සිහිනය බොඳ වෙයි!!

  • By editor
  • January 19, 2024
  • 0
  • 53 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධූරයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සාකච්ඡාවක් පවත්වා නැතිබව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇත.

කෙසෙවෙතත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෑතකදී සදහන් කළේ මීළග ජනාධිපති ලෙසද පත්වීමට සුදුසු පුද්ගලයා වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවය.

තමන් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවත් තමන් දන්නා ආකාරයට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිම එකඟතාවයකට මෙතෙක් පැමිණ නැති බව හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *