ධම්මික පෙරේරාට පොහොට්ටුවෙන් දිරච්ච ලණුවක් දීලා – නිමල් ලාංසා

  • By editor
  • January 7, 2024
  • 0
  • 60 Views

ධම්මික පෙරේරා මහතාට පොහොට්ටුව දීලා තියෙන්නේ ලණුවක්. නිකන් ලණුවක් නෙමේ දිරච්ච ලණුවක්. ව්‍යාපාර පිළිබඳව අද්දැකීමක් තිබුනට දේශපාලනය ගැන අද්දැකීමක් නැහැ’  පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (07) ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක් කොළඹ දී හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කරයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. රටේ විශාල පිලිගැනීමක් තියෙනවා එතුමා වැටුනු රට යම් ක්‍රමයකට ගොඩගත්තා කියන එක පිළිබඳව. මේ ක්‍රමය දිගටම පැවතුනොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් කියන එක ජනතාව විශ්වාස කරනවා. කයිවාරුකායින්, බොරු කාරයින් ඇවිල්ලා එක එක ඒවා කියලා රට ආයෙත් ආපස්සට යන්න පුලුවන්. ඒ නිසා ජනාධිපතිතුමාට ඉල්ලන්න කියලා රටේ මතයක් ගොඩනැගිලා තියෙනවා.

ධම්මික පෙරේරා කියන්නේ හොඳ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරික ඥාානය තිබුනට එතුමට දේශපාලන ඥානය නැහැ. පොහොට්ටුව කිව්වා කියනවා, එතුමා ජනාධිපති අපේක්ෂකයා කරන්න කොනිදේසි 10 ක් දාලා තියෙනවා, ඒ කොන්දේසි 10 සපුරලා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙනවා කියලා. පොහොටේටුවේ කවුරුත් කියලා නැහැ එතුමා ජනාධිපති අපේක්ෂකයා කරනවා කියලා. ධම්මික පෙරේරා මහතාට කවුරුහරි ලොකු බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ඒ බලාපොරොත්තුව පොහාට්ටුව කඩ නොකරයි කියලා මම විශ්වාස කරනවා. බලාපොරොත්තුව දුන්න කෙනා දැන් කියන්න ඕනේ අපි ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ෂකයා කරනවා කියලා. තාම එහෙම දෙයක් පේන්න නැහැ. ධම්මික පෙරේරා මහත්තයා නිකන් කියන්නේ නැහැනේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. ධම්මික පෙරේරා මහතාට මේ පණිවුඩය දුන්න වගකිවයුතු කෙනාට කියනවා ඇවිල්ලා රටට කියන්න පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්ම්ක පෙරේරා කියලා. ධම්මික පෙරේරා මහතාට පොහොට්ටුව දීලා තියෙන්නේ ලණුවක්. නිකන් ලණුවක් නෙමේ දිරච්ච ලණුවක්. ව්‍යාපාර පිළිබඳව අද්දැකීමක් තිබුනට දේශපාලනය ගැන අද්දැකීමක් නැහැ. ව්‍යාපාර කියවීමට හැකියාව තිබුනට දේශපාලනය කියවීමට හැකියාවක් ධම්මික පෙරේරා මහතාට නැහැ. මම දන්න පොහොට්ටුව දැන්ම හදිස්සි වෙන්නේ නැහැ තමන්ගේ ජනාධිපති අපේක්ෂාකයා ධම්මික පෙරේරා කියලා කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *