ධිවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිගෙන් සේවකයන්ට මරණ තර්ජන

  • By editor
  • February 6, 2024
  • 0
  • 48 Views

ධීවර වරාය නීතිගත සංස්ථාවේ සංස්ථාවේ සභාපති වඩිවේල් සත්‍යනාදන්ගේ ක්‍රියා කළාපය එහි සේවකයන්ගේ බලවත් අප්‍රසාදයට ලක්වෙමින් ඇතිබව වාර්තා වේ . විවිධ වංචනික ක්‍රියා රැසක් ආයතනය තුළ සිදුවූවත් ඒවාට එරෙහිව පියවර නොගන්නා සභාපතිවරයා ඔහුගේ නීති විරෝධී අණ ක්‍රියාත්මක නොකරන ධීවර වරාය සේවකයන්ට තර්ජනාත්මක ආකාරයෙන් බැනවදිනා බව එහි සේවකයෝ පවසති .

ඉතා මෑතකදී මෙම සභාපතිවරයා විසින් වෙන්නප්පුව ධීවර වරායේ කළමනාකරු ශමිල සංජීව හෙට්ටිගේ හට බැන තර්ජණය කිරීම ඔහුගේ මෙම හිතුවක්කාර හැසිරීමට හොඳම උදහරණය බව ඕවුහු පෙන්වාදෙති . 

වෙන්නප්පුව ධීවර වරායේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට තීරණාත්මකව වැදගත් කාර්තව්‍යක යෙදෙනා සභාපති වරයාට මේ  ආකාරයේ පීඩනයක් එල්ල කිරිම නිසා ඔහුගේ රාජකාරිය පවා හරි ආකාරයෙන් කරගෙන යාමටා නොහැකි තත්ත්වයක් උදා වී ඇත. දිගින් දිගටම ධීවර වරාය සංස්ථාවේ සභාපතිවරයා විසින් එල්ලකරනා පීඩනය නිසා වෙන්නප්පුව ධීවර වරායේ කළමණාකරු මේ පිළිබඳව වෙන්නප්පුව පොලීසියට පැමිණිළි කර ඇත.

ධීවරවරාය නීතිගත සංස්ථාව තුළ පවතින නීති විරෝධී කටයුතු සලට එරෙහි වීම සහ ඒවාට අදාලව සභාපති වරයා විසින් අනීත්කව ලබාදෙන නියෝග පිළිපැඳීමට එකග නො වීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත. වෙන්නප්පුව ධීවර වරායේ කළමණාකාරවරයාගේ සේවක අත් හිටවන බවටත්, මරා දමනා බවටත් සභාපතිවඑඅයා දිගින් දිගටන තර්ජනය කරමින්සිටී.

එමෙන්ම මීට අදාලව වරාය කළමණාකරු විසින් පොලිසියට කරනා ලද පැමිණිල්ල වහා ඉල්ලා අස්කරගන්නා ලෙස ධිවර වරායේ ඉහළම තැනකින් බලපැම් එල්ලවී ඇති බවද වාර්තා වෙයි . 

ධීවර වරාය සංස්ථාවේ සභාපති වඩිවේල් සත්‍යනාදන් ගේ සේවා ඉතිහාසය මෙවැනි සිදුවීම් වලින් ගහන බවත්, ඔහු ජල සම්පාදන මණ්ඩළයේ සභාපතීත්වය දරද්දීත් මේ ආකාරයේ ගැටුම් ඇතිකරගෙන ඇති බවත් වරාය සේවකයෝ පවසති. එමෙන්ම ඔහු ඊට පෙර සේවය කළ සෑම රාජ්‍ය ආයතනයකදීම මේ ආකාරයේ ගැටළු ඇතිකරගෙන ඇති බවත්, ඔහු විසින් ධීවර වරාය සංස්ථාව තුළ ඇතිකරගනිමින් සිටිනා අර්බුද කඩිනමින් විසදීමට වගකිවයුතු පාර්ශව කටයුතු නොකරන්නේනම් සේවක වර්ජනයක් පවා ඇතිවිය හැකිබව වරාය වරාය වෘත්තීය සමිති පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *