නටාෂාට ඇප

  • By editor
  • July 5, 2023
  • 0
  • 75 Views

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නටාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ දැනුම්දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත්කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *