රෝහලේදී සිදු කරන ලද සැත්කමකින් පසු කාන්තාවකගේ උදරයේ තිබී කිලෝ ග්‍රෑම් එකක පමණ ගොස් කැබලි හමු වීමේ සිද්ධියක් වාර්තා වේ.
මුලතිව් රෝහලේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයාට පැමිණිලි ලැබී තිබේ.
අදාල කාන්තාව දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතකළ පසු ඇයට රෝහලේ දී සිසේරියන් සැත්කමක් කර ඇති අතර ඉන් පසුව ඇයගේ උදරයේ හටගත් වේදනාවක් දින ගණනක් පැවති නිසා අවස්ථා 12ක් මුලතිව් රෝහලට රැගෙන ගොස් තිබේ.
පසුව සිදුකරන ලද පරීක්ෂණයේදී ඇයගේ උදරයේ කිලෝ ග්‍රෑම් එකක පමණ ගෝස් රෙදි තිබියදී උදරය මසා දමා ඇති බව හෙලි වී තිබේ.