නඩු බෙදාගන්න බැරිව අලුත් කඩේ නීතිඥයින් දෙදෙනෙක් ගුටි බැට හුවමාරුවක – දෙදෙනාම රෝහලේ

  • By editor
  • November 4, 2023
  • 0
  • 274 Views

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයකු සහ නීතිඥවරියක අතර එම අධිකරණ පරිශ්‍රයේදී ගුටි බැට හුවමාරුවක් සිදුවී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ වනවිට එම නීතිඥයින් දෙදෙනාම රෝහල් ගත වී තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මූලික පරීක්ෂණ වලදි හෙළි වී ඇත්තේ නඩු බෙදා ගැනීම පිළිබඳ කාරණයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම ගුටිබැට හුවමාරුව සිදුවී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *