නතාෂා එදිරිසූරිය රටින් පැන යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට

  • By editor
  • May 28, 2023
  • 0
  • 99 Views

පසුගියදා සිදුහත් උපත අපහාසයට ලක් කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය පෙර කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය සෙනසුරාදා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පැවති ප්‍රහසන වැඩසටහනකදී අදාළ තරුණිය විසින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් කිහිපයක් සිදුකර තිබුණි.

එම ප්‍රකාශයන් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඊට බොහෝ දෙනෙකුගේ විරෝධය එල්ල වීමත් සමග ඇය ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් ද සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *