නරක් වූ මාළු බහාලුම් 08 ක් මදුරන්කුලියේ සැමන් කොම්පැණියකට

  • By editor
  • January 28, 2024
  • 0
  • 40 Views

තායිලන්තය වෙත ආනයනය කර ඇති නෞකාවක නරක්වූ මාළු බහාලුම් 98ක් මෙරටට ගොඩබෑම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී හෙළි වී තිබෙර්.

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව එදින කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර එහිදී හෙළි වී ඇත්තේ මෙම බහලුම් ගෙන්වා ඇත්තේ කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් වන මදුරන්කුලිය ප්‍රදේශයේ කෝෂන් ස්ටාර් නම් සමාගමක් බවය. එසේම එම සමාගම සැමන් නිෂ්පදනයේ ද යෙදෙන සමාගමක් බව ද වැඩිදුරටත් හෙළිදරව් වී තිබේ.

එම නෞකාවේ බහාලුම් 104ක් තිබී ඇති අතර ඉන් බහාලුම් 4කට සිදුව ඇති දේ පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව කාරක සභාවට එක්ව සිට ඇති විගණන නිලධාරීහු සඳහන් කර තිබේ.

සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා යාත්‍රා කරමින් තිබූ මත්ස්‍යයින් ගබඩා කළ බහාලුම් රැගත් නෞකාව කොළඹ වරායට ආසන්නයේ දී විදුලි සැපයුම නතර වීම හේතුවෙන් එම මත්ස්‍යයින් නරක්වී තිබේ. එහෙයින් නෞකාව සිය රටට ඇතුළු කර ගැනීම තායිලන්තය ප්‍රතික්ෂේප කර ඇත. පසුව එම නරක්වූ මත්ස්‍යයින් මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කරණු ලබන සමාගමක් වෙත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව මගින් කළ ඉල්ලීමට, ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රයක් නිකුත් කර ඇති බව මෙම කාරක සභාවට එක්ව සිටි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිලධාරීන් පවසා ඇත. එම බලපත්‍රය ලබාගැනීමට අදාළ ආනයනකරු විසින් ඉල්ලීම් සිදුකළ යුතු වූවත් එයට පටහැනිව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව බලපත්‍රය ලබාගැනීමට ඉල්ලුම් කර තිබෙන බව ද අනාවරණය හෙළි වී තිබේ.

මෙම නෞකාවෙන් මාළු බහාලුම් 98ක් අදාළ කාබනික පොහොර නිෂ්පාදන සමාගම ලබාගෙන තිබුනද ඉන් භාවිත කර ඇත්තේ බහාලුම් 43ක් පමණක් බවත් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් බහාලුම් 55ක් ප්‍රයෝජනට ගෙන නොතිබූ අතර ඒවා ප්‍රති අපනයන කිරීමට සැලසුම් කර තිබු බවත් බහාලුම් 15ක් කොම්පොස්ට් පොහොර නිෂ්පාදනයට භාවිතා කර ඇති බවත් ඔවුහු වැඩි දුරටත් අනාවරණය කර තිබේ.

බහාලුම් 98ක් ලෙස සඳහන් කළද සත්‍ය ලෙසටම බහාලුම් 102ක් තිබී ඇති බවත් ඉතිරි බහාලුම් 4ට සිදුවූ දෙය සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නොමැති බවත් මෙම නරක්වූ මත්ස්‍යයින් යොදා ගනිමින් සත්‍ය ලෙසටම කාබනික පොහොර හෝ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර තිබුණේ ද යන්න තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවත් විගණන නිලධාරීහු පවසා තිබේ. මෙම පොහොර නිෂ්පාදන ආයතනය සතුව සැමන් නිෂ්පදනය කරනු ලබන ආයතනයක් පැවතීම පිළිබඳවද විගණන නිලධාරීන් විසින් කාරක සභාවේ අවධනය යොමු කර තිබෙන අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්ද යන්න සොයා බැලීම සඳහා මෙම සිදුවීමට අදාළ සියලු ආයතන හා නිලධාරීන් ඉදිරි දිනක කැඳවීමට කාරක සභා සභාපති , රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *