විගණකාධිපතිවරයාගේ උපදෙස් මත නවගමුව පත්තිනි දේවාලයේ සහ නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියලුම පිං කැටවලට මුද්‍රා තබා තිබෙන බව වාර්තා වේ.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙලෙස එම පිං කැටවලට මුද්‍රා තබා ඇත.
නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන පවසන්නේ විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තැබු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළ බවය.