ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.
හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විශ්‍රාම ගැනීමෙන් අනතුරුව උදේනි රාජපක්ෂ මෙම තනතුර සදහා පත් විය.
ඒ අනුව උදේනි රාජපක්ෂ ගුවන් හමුදා මූලස්ථානයේදී හෙට ( 30) පෙරවරුවේ ගුවන් හමුදාපති ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.
ඒ මහතා ගුවන් හමුදාපති ධූරයට පත්වීමට පෙර ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය.