නව පනතින් ජල විදුලි බලාගාර පෞද්ගලික සමාගම් වලට – ජනක රත්නායක

  • By editor
  • May 3, 2023
  • 0
  • 65 Views

නව විදුලිබල මණ්ඩල පනත මගින් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ඇතුළු සියලු දේපළ පෞද්ගලික සමාගම් 14 කට පවරා දීමට යෝජනා කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අනාවරණය කළේය.

එම කොමිෂන් සභාවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී යෝජිත නව විදුලිබල පනතේ පිටපතක් මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ ජනක රත්නායක මහතා මෙසේද කීවේය.

‘ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට අනුකමිටුවක් පත් කළා. එහි සාමාජිකයින් බොහෝ දෙනෙක් විදුලිබල මණ්ඩලයට සම්බන්ධ ප්‍රවීණයන්. එහිදී කැබිනට් මණ්ඩලය මගින් තීරණය කර තිබුණේ විදුලි සම්ප්‍රේෂණයට හා බෙදාහැරීමට පමණක් අදාළ වන යෝජනා සකස් කිරීමටයි.

මෙම කමිටුව මගින් මේ වනවිට සකස් කර ඇති පනත් කෙටුම්පතේ පිටපතක් රහසිගතව මා අතට පත්වුණා. මෙහි ඉතා භයානක යෝජනා ගණනාවක් ඇතුළත් වෙනවා. මෙම පනතට අනුව විදුලිබල මණ්ඩලයේ සමාගම් පනතට අනුව ආයතන 14 කට කඩලා මණ්ඩලය සතු සියලු නිශ්චල හා චංචල දේපල එම සමාගම්වලට පවරාදීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සියලු විදුලි බලාගාර පුද්ගලික සමාගම් යටතට පත්වෙනවා. එහි ඇති අනතුර මේ පාලකයින්ට නොපෙනීම අවාසනාවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *