නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පත්කර තිබේ.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ සහ නිමල් ලංසාගේ යෝජනා ස්ථීරත්වයෙන් මෙම පත් කිරීම සිදුවිණි.
පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු සංකිරණයේදී පැවති නව සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම පත්කිරීම සිදුවූ අතර ඒ සඳහා සෙසු පිරිසගේද එකඟතාවය හිමි තිබේ.
ඒ අනුව ඉදිරියේ දී පක්ෂ කටයුතු මෙහෙයවීම සහ සාකච්චා කිරීමේ කටයුතු අනුර යාපා වෙත පැවරී ඇත.