නාඳුනන පුද්ගලයකු විසින් දරුවෙකුට ලබා දුන් බව කියන අයිස් බීම පැකට්ටුවක් පානය කිරීමෙන් අනතුරුව රෝගාතුර වී එම දරුවා හොරණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
වෙල් යායක සරුංගල් යවමින් සිටි 12 හැවිරිදි කුඩා දරුවකුට යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයෙක් මෙලෙස එම බීම පැකට්ටුව ලබා දී ඇත.
එම බීම පැකට්ටුව විවෘත කරන ලද අයිස් බීම පැකට්ටුවක් බවත් දරුවා එය ලබා ගැනීමක් ප්‍රතික්ෂේප කර ඇති අතර එම අවස්ථාවේදී නාඳුනන පුද්ගලයා බලහත්කාරයෙන් දරුවා වෙත එය ලබාදී ඇති බවත් වාර්තා වේ.
එය පානය කිරීමෙන් අනතුරුව දරුවා කලාන්ත ගතියට පත්ව ඇතැයි ද පැවසේ.
රෝගාතුර වූ එම දරුවා මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
නාදුනන පුද්ගලයෙක් දුන් බීම පැකට් එක බිවුව දරුවා රෝහලේ
-
By editor
- August 25, 2023
- 0
- 115 Views
You Might Also Like
-
December 3, 2023
C.D වික්රමරත්නට ලොකු තනතුරක්
-
December 2, 2023
නත්තලට එකතු වෙන අලුත් බදු
-
December 1, 2023
ජෙරම් ප්රනාන්දු රිමාන්ඩ්