නාදුනන මල සිරුර ගෙන්න ගිය හමුදා සෙබලා මිය යයි

  • By editor
  • August 3, 2023
  • 0
  • 135 Views

පසුගිය දා සොයාගත් ගේස්වෙස්ටන් වතුයායේ ඉහල කොටසේ මිය ගොස් සිටි නාදුනන කාන්තාවගේ මල සිරුර කදු මුදුනෙන් පහලට රැගෙන ඒමේ මෙහෙයුමට සම්බන්දව සිටි යුධ හමුදා සෙබලකු හදිසියේ මිය ගොස් තිබෙන බවට වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ යුධ හමුදාවේ කෝප්‍රල් වරයකු වන කේ. එම්. එන්. එස්. හේරත් නමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම මල සිරුර එම කදු මුදුනේ සිට පහලට රැගෙන ඒමේදි ඔහු හදිසියේ රෝගාතුරවි නුවරඑළිය මහා රෝහල වෙත රැගෙන යමින් සිටියදි මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

එම හමුදා සෙබලාගේ මරණ පරික්ෂනය නුවරඑළිය මහා රෝහලේදි සිදු කිරිමට කටයුතු නියමිත අතර මෘතශරිරය මේ වනවිට නුවරඑළිය මහා රෝහලේ මෘතශරිරාගාරයේ තැම්පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *