නාමල්ගේ මගුල් ගෙදරට විදුලිය ඉල්ලා ඇත්තේ ඇමති ඩී.වී චානක – හිග බිලේ අයිතිකරුවෙක් නෑ – රාජපක්ෂලා කියනවා

  • By editor
  • August 5, 2023
  • 0
  • 137 Views

මේ දිනවල කතාබහට ලක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මංගල උත්සවය පැවති වීරකැටිය නිවසේ හිඟ විදුලි බිල පවතින්නේ කාගේ නමින්ද යන්න සඳහන් කර නොමැති බව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සදහන් කර තිබේ.

ලිපියක් මගින් ඔහු දන්වා ඇත්තේ අදාළ බිල්පත හිමියාගේ නම සදහන් කර නොමැති බවය.

මීට පෙර ද රාජපක්ෂ පවුලට අයත් බව කියවුණු මල්වානේ පිහිටි නිවසටද අයිතිකාරයෙක් නොසිටියේ ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මංගල උත්සවය පැවති වීරකැටිය නිවසේ ආරක්‍ෂිත විදුලි ලාම්පු සවිකරණ ලෙස ඉල්ලා ඇත්තේ වත්මන් රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක බවට වාර්තා වේ.

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ චානක 2019.08.29 වැනි දින එවකට විදුලිබල අමාත්‍ය රවී කරුණානායකගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එමගින් ඔහු දක්වා ඇත්තේ එම ඔහුගේ පුද්ගලික ඉල්ලීමක් ලෙස සලකන ලෙසටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *