එක් එක් කාලවල දී කතා මවන දේශපාලන චරිතයක් තමයි පුත්තලමේ සනත් නිශාන්ත අමාත්‍යවරයා. කොයිතරම් ජනප්‍රියයිද කියනවා නම් පුත්තලම කිවුව ගමන් මතකෙට එන්නේ සනත් නිශාන්තව.
කොහොමහරි මෑතකදී ඔහු මෑතකදී නැවතත් කතාබහට ලක් වුණේ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මංගල උත්සවයේ විදුලි බිල්පත ගෙවීම ගැන සිද්ධියේ දී. ඔහු කොයිතරම් රාජපක්ෂ පරම්පරාවට ගැති ද කියනවා නම් නාමල් එයාට විදුලි බිලක් නෑ කියද්දි සනත් නිශාන්ත ගිහින් ලක්ෂ ගාණක බිලක් ගෙවනවා.
මේ කතාව කරළියට එනකොටම සමාජ ජාල වල ප්‍රචාරය උනා ඔහු පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ගෙත් ලයිට් බිල් ගෙනනවා, ඒකට මේ අංකයට වට්ස්ඇප් කරන්නය කියලා ඒ වෙනුවෙන් අංකයකුත් දීලා තිබුණා.
කොහොමහරි එක්තරා පුවත් වෙබ් අඩවියකට ඔහු සදහන් කර තිබෙනවා මහජනතාවගේ විදුලි බිල් ගෙවන්න ඔහුට පශ්චාත් භාගයේ අමාරුවක් නෑ කියලා, ඒ වගේම ඔහුගේ අංකය දීලා බිල් ගෙවනවා කියලා සමාජ ජාල වල ප්‍රචාරය කළේ ජවිපෙ කියලාත් ඔහු චෝදනා කරනවා.
පහළින් තියෙන්නේ සනත් නිශාන්තගේ ඒ කතාව
” මුළු රටේම ලයිට් බිල් ටික ගෙවන්න මට පශ්චාත් ප්‍රදේශයේ අමාරුවක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අය මට මඩ ගහන්න මගේ දුරකථන අංකයත් ඇතුළත් කරලා එක එක විදිහේ පෝස්ට් හදලා එෆ් බී එකේ ශෙයා කරනවා. අඩු ආදායම්ලාභී ලයිට් බිල් ගෙවා ගන්න බැරි අයගේ බිල් ගෙවන්නම් කිව්වලු. ඒ අයගේ ලයිට් බිල් මගේ අංකයට වට්ස්ඇප් කරන්න කිව්වලු. අනේ මම නම් කිසිම තැනක එහෙම කියලා නැහැ. මගේ පෞද්ගලික ව්‍යාපාර වලින් රටේම ලයිට් බිල් ගෙවන්නත් බෑ.”
නාමල්ගේ විදුලි බිල සහ සනත් නිශාන්ත ගේ පශ්චාත් භාගය
-
By editor
- October 7, 2023
- 0
- 111 Views
You Might Also Like
-
December 6, 2023
කැරොකේ වසන්ත ජපන් තානාපති හමු වූ අයුරු
-
December 6, 2023
ජනපති – අගමැති එක්ක සැමරූ ජොනීගේ උපන්දිනය (ඡායාරූප සහිතයි)
-
October 30, 2023
අගමැති කාර්යාලය ජනපතිගෙ නම වෙනස් කරයි